ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.
බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් ද ප්‍රසාද ලකුණු 228ක් ලබා සම තත්වයේ පසුවන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ප්‍රසාද ලකුණු 218ක් හිමි කර ගනිමින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නාබි තුන්වන ස්ථානයේට පැමිණ තිබෙනවා.
මීට පෙර ශ්‍රේණිගත කිරීමට අනුව වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයේ රැඳී සිටි අතර දෙවැනි ස්ථානය හිමිව තිබුණේ මොහොමඩ් නබි ටයි.
ඒ අනුව වනිඳු මෙවර ස්ථාන දෙකක් ඉහළට පැමිණෙද්දී මොහොමඩ් නබි එක් ස්ථානයක් පසු බැස තිබෙනවා.
T20 පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන වනිඳු හසරංග මීට පෙර T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ද හිමිකර ගැනීමට සමත්ව තිබුණා.
නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප්‍රසාද ලකුණු 687ක් ලබා ගෙන T20 පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය ද වනිඳු හසරංග ලබාගෙන තිබෙනවා.
ඔහු මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් T20 ජාත්‍යන්තර තරග 65ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 650ක් සහ කඩුලු 104ක් දවා ගැනීමට සමත් ව තිබෙනවා.
එමෙන්ම වර්තමාන ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන වනිඳු හසරංග ලබන මාසයේ ආරම්භ වීමට නියමිතව තිබෙන T20 ලෝක කුසලානයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමට නියමිතයි.
මේ අතර මෙවර T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල 18 වන ස්ථානයේ දසුන් ශානකත්, 32 වන ස්ථානයේ ධනංජය ද සිල්වාත්, ඇන්ජලෝ මැතිව්ස් 35 වන ස්ථානයේත් පසුවනවා.
මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මාකස් ස්ටොනික්ස් ප්‍රසාද ලකුණු 204ක් ලබා තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 6 වන ස්ථානයට පැමිණ තිබෙනවා.
ලකුණු 139ක් ලැබූ මිචෙල් මාෂ් පසුවන්නේ 12 වන ස්ථානයේයි.