Search

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා.

රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා.

මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී තිබෙනවා.

ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ යාවත්කාලීන කළ තොරතුරුවලට අනුව අගමැතිවරයා මේ වන විට ජීවිතයට තර්ජනයක් වන තත්වයක සිටින බවයි සඳහන් වන්නේ.

ස්ලෝවැකියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ පීටර් පෙලෙග්‍රිනි ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් තමන් භීතියට පත් වූ බවයි.

ප්‍රාදේශීය වාර්තා සඳහන් කළේ අගමැතිවරයාගේ උදරයට, අතකට සහ පාදයට වෙඩි වැදී ඇති බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »