Search

ප්‍රදේශ රැසකට සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට මේගන් සුළි කුණාටුවේ බලපෑම් එල්ල විය හැකි බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු අඟවා තිබෙනවා.

විශේෂයෙන් නොර්තන් ටෙරිටරි, ක්විස්ලන්ඩ් කලාපවලට මින් වැඩිම බලපෑමක් සිදු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ ගංවතුර අවදානම සම්බන්ධයෙන් සැළකිල්ලෙන් පසුවන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

මෙම සතියේ ඉදිරි දින කිහිපය තුළ ක්වින්ස්ලන්ඩ්, බටහිර ඕස්ට්‍රේලියා සහ නොර්ත් ටෙරිටරි ප්‍රාන්තවලට මිලිමීටර 30ත් 50ත් අතර තද වැසි අපේක්ෂා කරන අතර එම වර්ෂාපතනය මිලිමීටර් 100 දක්වා වර්ධනය විය හැකි බව සඳහන්.

පසුගිය සතියේ මේගන් සුළි කුණුටුවේ වැඩි අවදානම නොර්ත් ටෙරිටරි කලාපයට පැවති අතර එම තත්ත්වය මෙතෙක් පහව ගොස් නැහැ.

අද (27) සිට නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියානු කලාප වෙත මේගන් සුළිකුණාටු අවදානම පවතින අතර හදිසි ගංවතුර අවදානම පිළිබඳව ද විමසිල්ලෙන් පසුවන ලෙසටයි කාලගුණ අංශ ජනතාවට දැනුම් දී ඇත්තේ.

මේගන් සුළි කුණායුව නවසීලන්තයේ සිට මෙරටට පැමිණෙන ආකාරය ඇතුළත් චන්ද්‍රිකා දර්ශණ ද නිකුත් කර ඇති අතර නම් කර ඇති කලාපයන්වල ජනතාව නිසි අවධානයෙන් පසුවීම වැදගත් වනු ඇති.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »