ඔස්ට්‍රේලියාවේ මුල් ළමා සුරැකුම් මධ්‍යස්ථානවලින් ප්‍රමාණවත් පෝෂණයක් ලබා ගැනීමට කුඩා දරුවන් අපොහොසත් වන බව පර්යේෂණවලින් හෙළිව තිබෙනවා.
ඒ අනුව කුඩා දරුවන් මුල් ළමාවිය මධ්‍යස්ථානවල කුසගින්නෙන් පෙළෙන බවත්, ප්‍රමිතීන්ට නොගැලපෙන ආහාර ලබා දීම මෙන්ම ළමාරක්ෂක සේවකයින්ට ලබාදෙන ආහාරම දරුවන්ට ද ලබා දෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් මුල් ළමාවිය මධ්‍යස්ථාන සඳහා තත්ව ප්‍රමිතීන් ප්‍රතිසංස්කරණය කරන ලෙස විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ළමුන්ගේ උපතේ සිට පළමු වසර 5 තුළ නිසි පෝෂණය අත්‍යවශ්‍ය වන බැවින් මෙවැනි සිදුවීම වාර්තා වීමත් සමග මෙරට දරුවන්ගේ සෞඛ්‍යට තර්ජනයක් පවතින බවට තහවුරු වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ඇතැම් ළමුන් වයස අවුරුදු 5 වන තෙක් අවම වශයෙන් පැය 10000ක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්තාන යටතේ සිටින අතර මෙලෙස ප්‍රමිතීන්ට නොගැලපෙන ආහාර අනුභව කිරීම දිර්ඝ කාලීන ගැටලු ඇති කරන බව ළමා වෛද්‍ය විශේෂඥයින් ප්‍රකාශ කළා.
ඔස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණ අංශයේ ආහාර සහ පෝෂණයේ ගුණාත්මක භාවය පිළිබඳව විමර්ශනය කරන මහාචාර්ය තෝර්ප් පෙන්වා දෙන්නේ මේ පිළිබඳ නිසි නියාමන වැඩපිළිවෙළක අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
විශේෂයෙන් මෙම තත්වය ග්‍රාමීය ප්‍රදේශ තුල බහුලව සිදුවන බව ද හඳුනාගෙන තිබෙනවා.