ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවේ සතුට ගැන සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි පරම්පරාවට වඩා තරුණ පිරිස සතුටෙන් අඩු බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

රටවල් 140කට අධික සංඛ්‍යාවක ජනතාවගේ සතුට පිළිබඳ සමීක්ෂණය කරන “ද වල්ර්ඩ් හැපිනස් රිපෝර්ට්” (The World Happiness Report) මගිනුයි මෙම තොරතුරු හෙළි කර ඇත්තේ.

එහිදී විවිධ වයස් කාණ්ඩවල තෘප්තිමත්භාවය සම්බන්ධයෙන් සැලකීමේ දී බටහිර ජාතීන් අතර තියුණු බෙදීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

මෙම වසරේ වාර්තාව වයස් කාණ්ඩ සඳහා වෙනම ශ්‍රේණිගත කිරීම් ඇතුළත් කළ ප්‍රථම වාර්තාව වන අතර එහි ප්‍රතිඵලවලින් පෙන්නුම් කර ඇත්තේ ඉංග්‍රීසි කතා කරන බහුතර බටහිර ජාතීන් කිහිපයක කැපී පෙනෙන වෙනස්කම් මතු වී ඇති බවයි.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය සහ දූෂණය පිළිබඳ අවබෝධය මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාව මෙම සමස්ත ලැයිස්තුවේ 9වන ස්ථානයට පත්ව ඇති අතර වැඩිහිටි සතුට සම්බන්ධයෙන් ගත් කළ ඉහළම ඇති රටවල් 10 අතර යුරෝපීය නොවන රටවල් දෙකෙන් එකක් ලෙසටයි සැලකෙන්නේ.

වයස අවුරුදු 30 සහ ඊට අඩු පුද්ගලයින්ගේ සතුට පිළිබඳ සැලකීමේදී ඕස්ට්‍රේලියාව 19 වන ස්ථානයට පත්ව ඇති අතර, වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජනතාවගේ සතුට සම්බන්ධයෙන් සැලකීමේදී ඔස්ට්‍රේලියාව පත්ව ඇත්තේ නවවන ස්ථානයටයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන් නැගෙනහිර යුරෝපයේ මෙන්ම එක්සත් ජනපදය, කැනඩාව සහ නවසීලන්තය වැනි රටවල තරුණ තරුණියන්ගේ සතුට තියුණු ලෙස පහත වැටීමක් පිළිබිඹු වන බවයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ සතුටින්ම සිටින පිරිස් අතරින් එක්සත් ජනපදය 62 වන ස්ථානයට ශ්‍රේණිගත කර ඇති අතර 60 ට වැඩි අයගේ සතුට සම්බන්ධයෙන් ගත් කළ එක්සත් ජනපදයට ලැබී ඇත්තේ 10 වන ස්ථානයයි.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »