ඔස්ට්‍රේලියාවේ රියදුරන්ගෙන් මිලියන 417ක වාර්තා ගත දඩ මුදලක්

දකුණු ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ රියදුරන් වසර පහක කාලයක් තුල නියමිත වේග සීමා ඉක්මවා රිය ධාවනය හේතුවෙන් ඩොලර් මිලියන 417ක දඩ මුදලක් ගෙවා ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

රෝයල් ඔටෝ මොබයිල් ඔෆ් සවුත් ඔස්ට්‍රේලියා (The Royal Automobile Association of South Australia) දත්තවලට අනුව පසුගිය වසර තුළ පමණක් අධික වේගයෙන් රිය පැදවීම සඳහා නිකුත් කර ඇති දඩ සංඛ්‍යාව 202,00ක්.

එම වැරදිවලින් අඩක් පමණ හඳුනාගැනීම සඳහා භාවිත කර ඇත්තේ වේග නිරීක්ෂණ කැමරා පද්ධති මගිනුයි.

නීති උල්ලංඝනය කිරීම්වලින් 14,000ක් නියමිත වේග සීමාවට වඩා කිලෝමීටර් 20ක් පමණ වේගයෙන් ධාවනය කිරීම සඳහා දඩ නියම වී තිබෙනවා.

දඩ මුදල්වලින් බහුතරය පැයට කිලෝමීටර් 10කින් වේගය ඉක්මවා ගිය රියදුරන්ට නිකුත් කර ඇති අතර, මංසන්ධිවල සහ පදික හරස් මාර්ගවල ඇති කැමරා මගින් වැරදි කරන රියදුරන් 60,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබූ බව සඳහන්.

පොලිස් කොමසාරිස් ග්‍රාන්ට් ස්ටීවන්ස් පැවසුවේ මෙම සංඛ්‍යා ලේඛණ මගින් අනෙක් රියදුරන්ට පණිවිඩයක් ලබා දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

අධික වේගයෙන් රිය පැදවීම අනතුරුවලට හේතු වන ප්‍රධාන කරුණු 5න් එකක් වන අතර දකුණු ඔස්ට්‍රේලියාවේ මාර්ගවල සිදුවන මරණවලින් තුනෙන් එකකට පමණ හේතු වී ඇත්තේ අධික වේගය බව ද සඳහන්.

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »