ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට දායක වූ විදෙස් සංක්‍රමණිකයන්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණික සේවකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම ඔස්ට්‍රේලියාවේ ජනගහන වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලට අනුව පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසය වන විට රටේ ජනගහනය මිලියන 26.8ක් දක්වා පුද්ගලයින් 659,800 කින් වර්ධනය වී ඇති බවයි සඳහන් වන්නේ.

වේගයෙන්ම වර්ධනය වන ජනගහනය වාර්තා වන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ වන අතර එය සියයට 3.3ක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ සියයට 2.9කින් ද, ක්වීන්ස්ලන්තයේ සියයට 2.7 කින් ද ජනගහනය ඉහළ ගොස් තිබෙනවා.

නිව් සවුත් වේල්ස්හි ජනගහනය සියයට 2.3කින් සහ ඕස්ට්‍රේලියානු අගනුවර ප්‍රදේශයේ සියයට 2.1 කින් ජනගහනය වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

ජනගහන වර්ධනයට සියයට 83ක්ම හේතු වී ඇත්තේ විදේශ සංක්‍රමණ වන අතර නව පැමිණීම් 548,800ක් සටහන් වී තිබෙනවා.

පසුගිය 2023 වසර හා සසඳන විට විදේශ සංක්‍රමණ සියයට 60කින් වර්ධනය වී ඇති අතර, ප්‍රධාන වශයෙන් රැකියා හෝ අධ්‍යාපනය සඳහා තාවකාලික වීසා බලපත්‍රයක් මත විදේශ සංක්‍රමණ පැමිණීම් වැඩි වී ඇතැයි සඳහන්.

ජනගහන වර්ධනයේ ඉතිරි සියයට 17 නව උපත් 111,000ක් හේතුවෙන් සිදුව ඇති අතර එය පෙර වසරට වඩා සියයට 3.9 කින් අඩු වීම විශේෂත්වයක්.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »