නිවාස කුලී ගැන ලතැවෙන අයට අලුත් බලාපොරොත්තුවක්

කුලී නිවාස හිමියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත නව නීති ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දේපල අලෙවි සමාගම් හෙළා දැක තිබෙනවා.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර රජයේ නිවාස කමිටුවක් මගින් විමර්ශනය කරන බවයි වාර්තා වන්නේ.

මෙම නව ප්‍රතිසංස්කරණ මගින් ඉඩම් හිමියන්ට කුලී ලංසු භාර ගැනීම හෝ වසරකට එක් වරකට වඩා වැඩි වාර ගණනක් කුලී ඉහළ නැංවීම ද වළක්වනු ඇති.

ක්වීන්ස්ලන්ත දේපල සමාගම් පවසන්නේ නව ආරක්ෂණ නීති තුළින් ඉඩම් හිමි ආයෝජකයින්ගේ විශ්වාසයට හානි කරන අතර කුලී ලංසු තැබීමට තිත තබන බවයි.

ක්වීන්ස්ලන්තයේ දේපළ වෙළඳාම් ආයතනයේ ප්‍රධාන විධායක ඇන්ටෝනියා මර්කොරෙල්ලා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කුලී ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත හෙළා දැක තිබෙනවා.

යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් ඉඩම් හිමියන්ට සෑම මාස 12කට වරක්ම තම දේපළවල කුලී ඉහළ නැංවීමට පමණක් ඉඩ සැලසෙන අතර ලැයිස්තුගත මිලට වඩා වැඩි කුලී ලංසු පිළිගැනීමෙන් වළක්වනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් රජය පසුගිය වසරේ ජූලි මාසයේදී කුලී ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමෙන් පසු ඇති වූ ගැටලු මග හරවා ගැනීම මෙම නව සංශෝධනයේ අරමුණ බවටයි ප්‍රකාශ වී ඇත්තේ.

රජයේ යෝජිත ප්‍රතිසංස්කරණ හොඳ පියවරක් වුව ද එමගින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවන බවට ද චෝදනා එල්ල වනවා.

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »