අන්තර්ජාලයෙන් එන අලුත් අනතුරක් ගැන දෙමව්පියන්ට දැනුම්දීමක්

අන්තර්ජාලය හරහා සිදු වන අපයෝජනවලින් යොවුන් පරපුර ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

අන්තර්ජාලය සහිත උපාංග තුලින් ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදු වන අපයෝජනයන්ට නිරාවරණය වන බැවින් සයිබර් ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසටයි ක්වීන්ස්ලන්ඩ් පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත්තේ.

අධ්‍යාපන ආයතනයක් විසින් කරන ලද පර්යේෂණයකට අනුව සෑම දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුටම තම නිදන කාමරය තුළ දෙමාපිය අධීක්‍ෂණයකින් තොරව අන්තර්ජාලයට සම්බන්ධ උපකරණයක් භාවිතා කිරීමට හැකි බව හෙළිවී තිබෙනවා.

රහස් පරීක්ෂක ක්‍රිස් ටූහේ පවසන්නේ ළමා අපයෝජන පොදු ප්‍රවාහනයේ දී හෝ මාර්ගයේදී පමණක් සිදු නොවන බව දෙමාපියන් සහ දරුවන් දැනුවත් විය යුතු බවයි.

ළමයින්ට ඔවුන්ගේ උපාංග රැගෙන නිදන කාමරයට යාමට ඉඩ දීම අපයෝජකයන්ට නිදන කාමරවලට ආරාධනා කිරීමක් බවයි රහස් පරීක්ෂකවරයා පෙන්වා දෙන්නේ.

ඔහුගේ ළමා ආරක්ෂණ විමර්ශන කණ්ඩායම පසුගියදා ක්වීන්ස්ලන්ඩ් හි සන්ෂයින් වෙරළ තීරයේදී ළමා අපයෝජන චෝදනා 100 කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

31 හැවිරිදි එම සැකකරු බාලවයස්කාර දැරියන් අන්තර්ජාලය ඔස්සේ හඳුනාගෙන ඔවුන් හමුවීමට කිලෝමීටර් සිය ගණනක් දුර ගෙවා බුන්ඩබර්ග් සහ ග්ලැඩ්ස්ටන් වෙත ගොස් ඇති බවයි පොලිසිය චෝදනා කරන්නේ.

බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම අවදානම මැඩලීමට කටයුතු කරමින් පැවතුන ද එහි සාර්ථකත්වය සමාජ මාධ්‍ය ආයතන හිමිකරුවන් ඇත රඳා පවතින බවයි.

පසුගිය වසරේ මෙවර ඔස්ට්‍රේලියානු අන්තර්ජාල ආරක්ෂක කොමසාරිස් විසින් ළමා ලිංගික සූරාකෑම, අපයෝජනය සහ ලිංගික කප්පම් ගැනීම් සම්බන්ධයෙන් Google, Twitter, TikTok, Discord ඇතුලු ආයතන වෙත නීතිමය වශයෙන් ද දැනුම්දී තිබුණා.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »