ශ්‍රී ලංකාව සමග පැවති අවසන් එක්දින තරගයෙන් බංග්ලාදේශයට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා

අද (18) තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණියි.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජනිත් ලියනගේ  වන අතර ඔහු නොදැවී 101ක් රැස් කළා

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන්  තස්කින් අහමඩ් කඩුලු 03ක් දවා ගත්තා.

තරග ජය ගැනීම සඳහා ලකුණු 236ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු ඕවර 40.2 කදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූණා.

එහිදී තන්සිඩ් හසන් ලකුණු 84ක් රැස්කළ අතර මුස්ෆිකූර් රහීම් නොදැවී ලකුණු 37ක් රැස්කළා

රිෂාඩ් හොසේන් නොදැවී ලකුණු 48ක් රැස් කළේ පන්දු 18කින්

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 04ක් දවාගත්තා.

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »