ශ්‍රී ලංකාවේදී ලෝක කුසලාන තරගාවලියක් බලන්න අවස්ථාව

2026 වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිවී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එම 20-20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

ඩුබායිහිදී පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සම සත්කාරකත්වය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අනුමත කර තිබෙනවා.

2026 වසරේ 20 -20 ලෝක කුසලානය කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබනවා.

ඉතිරි කණ්ඩායම් 8 කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවලින් තෝරා ගැනෙනු ඇති.

ශ්‍රී ලංකාව අවසන් වරට 2012 වසරේදී T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට සත්කාරකත්වය ලබාදී තිබෙනවා.

එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වූයේ අනුශුරතාවයයි.

මේ අතර 2024 20-20 ලෝක කුසලානය සඳහා 2022 වසරේ පැවති තරගාවලියේ හොඳම කණ්ඩායම් අට සහ සම සත්කාරක රටවල් දෙක සුදුසුකම් ලබා ගනු ලැබුවා. ඉතිරි කණ්ඩායම් දෙක තෝරා ගනු ලැබුවේ T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල හොඳම කණ්ඩායම් අතරිනුයි.

මේ අතර 2031 වසර දක්වා වූ කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින ලෝක කුසලාන 02ක්, විස්සයි20 ලෝක කුසලාන 04ක් හා ශූරයන්ගේ කුසලාන 02ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගාවලි සඳහා රටවල් 14ක් සත්කාරකත්වය දරන අතර ඉන් රටවල් 03ක් ම ටෙස්ට් වරම් නොමැති රටවල් වීම විශේෂත්වයක්.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »