ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් මිචෙල් චෑන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතරවාරයේදී යි මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ.
ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ පැවති සාකච්ඡාවකදී යි.
විශේෂයෙන් නීතිවිරෝධී සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ ක්‍රියාකාරකම්වල පළමු පියවර ලෙස මෙම ගුවන් යානය ලබා දෙන බව ඇය සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ඉන්දියන් සාගරයේ සුවිශේෂී ආර්ථික කලාපයක් පවතින අතර එය ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 65,610 ක භූමි ප්‍රමාණයට වඩා 23 ගුණයකින් විශාලයි.