පැතුම් සහ චරිත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යයි

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

Chattogram හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 286ක් රැස් කළා.

Towhid Hridoy නොදැවී ලකුණු 96යි. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුල 4ක් සහ දිල්ෂාන් මදුෂංක කඩුලු 2ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 1ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පැතුම් නිස්සංක පන්දු 100කින් වේගවත් ශතකයක් රැස් කළේ එය තම 6 වන එක්දින ශතකය ලෙසට වාර්තා අතරට එක් කර ගනිමින්. දැවී යන විට පන්දු 113කින් ලකුණු 114ක් ලබාගෙන සිටි පැතුම් නිස්සංකගේ එම ලකුණු 114ට හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් ඇතුලත්.

චරිත් අසලංක පන්දු 93කින් ලකුණු 91ක් රැස් කළේ හයේ පහර 4ක් සහ 4 පහර 6ක් සමගින්.

වනිඳු හසරංග හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් ද සමගින් ලකුණු 25ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාවේ මෙම ජයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය එකට එකක් ලෙස රටවල් දෙකම සම තත්වයේ පසුවනවා.

මේ හේතුවෙන් ලබන 18 වනදා පැවැත්වෙන අවසන් එක්දින තරගය තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් රටවල් දෙකටම අතිශයින් වැදගත් වනු ඇති.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »