ඔබටත් Westpac බැංකුව ලෙස පෙනී සිටින ව්‍යාජ කෙටි පණිවිඩයක් ලැබුණද​?

බැංකු තොරතුරු සොරකම් කිරීම සඳහා Westpac බැංකුව ලෙස පෙනී සිටින ව්‍යාජ කෙටි පණිවිඩ ජාවාරමක් ගැන Westpac සිය පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

Westpac ලෙස පෙනී සිටිමින් බැංකු තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරන නවතම කෙටි පණිවිඩ වංචාව පිළිබඳව ඕස්ට්‍රේලියානුවන්ට​ අනතුරු අඟවනු ලැබේ.

මෙම කෙටි පණිවිඩයේ ඔබේ ජංගම දුරකතනය තහවුරු කිරීමක් සිදු කිරීමට ලින්ක් එකක් හරහා ඔබගේ සියලු බැංකු ගිණුම් වල විස්තර ඇතුලත් කරන ලෙසට සඳහන් වේ.

“Westpac කිසි විටෙකත් SMS හරහා මේ ආකාරයේ තොරතුරු ඔබෙන් ඉල්ලන්නේ නැත,” Westpac නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙවැනි කෙටි පණිවිඩයක් ලදහොත් වහාම එය මකා දමන ලෙසට පාරිභෝගිකයින් ගෙන් ඉල්ලා සිටී.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »