
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනිමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.
දෙරට අතර මෙම තරගය පැවැත්වුණේ චැටෝග්‍රම් හිදීයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 255ක් රැස් කළා.

ජනිත් ලියනගේ ලකුණු 67ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Shoriful Islam, Taskin Ahmed සහ Tanzim Hasan Sakib ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායක නජ්මුල් හුසේන් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කරමින් නොදැවි ලකුණු 122ක් ලබා ගත්තා. ඒ හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් සමගින්.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන එක්දින තරගය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි.