ඕස්ට්‍රේලියානුවන්ට 2021 වසරේ ද ජාත්‍යන්තර සංචාර සිදු කිරීමට නොහැකි වන ලකුණු!

ඕස්ට්‍රේලියානුවන්ට 2021 වසරේ ද ජාත්‍යන්තර සංචාර සිදු කිරීමට නොහැකි වන ලකුණු!

2021 දී ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා තත්වය වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු රජයේ කිසිඳු ලෙසකට ඉක්මන් නොවන බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ලෙස සේවය කරන සහ කලින් ෆෙඩරල් රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ බ්‍රෙන්ඩන් මර්ෆි පැවසුවා.

තවදුරටත් ඔහු අදහස් දැක්වීමේදී පැවසූවේ 2021 වසරේද ඕස්ට්‍රේලියාවේ දේශසීමා වසා තැබිය හැකි බවයි.

නිවාඩු කාලය ගත කිරීමට පිටරට සංචාර සඳහා ටිකට් වෙන් කරවා ගැනීමට සූදානම් වන ඕස්ට්‍රේලියානුවන්ට 2021 දී වෙනස්කම් දැකිය හැකිදැයි ABC මාධ්‍යය විසින් කල ප්‍රශ්න කිරීම් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙලෙස තම අදහස් ප්‍රකාශ කලේ.

“අප ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් කොරෝනා එන්නත් ලබා දී තිබුණත්, එය වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වනු ඇත්දැයි අපි තවමත් නොදනිමු.”

මීට පෙර ක්වන්ටාස් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ “2021 ජූලි මාසයේ සිට ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන අතර ජාත්‍යන්තර ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට තම පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දීමට කටයුතු කර ඇති බවයි​.

එහෙත් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මයිකල් මැකෝර්මාක් එවකට කියා සිටියේ ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීම් විවෘත කිරීමට ගුවන් සමාගම් ගත් තීරණ දේශසීමා පියවරකට එතරම් බලපෑමක් නොකළ බවයි.

“ඕස්ට්‍රේලියානු රජය විසින් ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කරන්නේ කවදාද යන්න පිළිබඳ තීරණ ගනු ලැබේ” ඔහු පැවසීය​.

“ඕස්ට්‍රේලියානු රජය අඩු කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වන නවසීලන්තය වැනි රටවල් සමඟ සංචාරක කටයුතු සිදු කිරීමට අවශ්‍ කටයුතු කරමින් සිටී.”

(7News)

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »