වසර 27කට පසු ඔස්ට්‍රේලියාවේදී කොදෙව්වන්ට ජයක්

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවේදී ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

ඒ බ්‍රිස්බේන්හි පැවති දෙවන ටෙස්ට් තරගයේදි ලකුණු 8ක තියුණු ජයක් ලබමින්.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 311 රැස්කිරීමට සමත්වූ අතර ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස්කල ලකුණු සඛ්‍යාව ලකුණු 289ක්.

 

ලකුණු 22ක වාසියක් සමගින් කොදෙව්න්ගේ දෙවනි ඉනිම 193 සිමා වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහනය සදහා ලකුණු 216ක ඉලක්කයක් පැවතියා.

සිව්වන දිනයයේදී තරගය ඇරඹීමත් සමග ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවි ලකුණු 60ක් රැස්කරගත් අතර දුර්වල පිතිහරඹ මත ඔස්ට්‍රේලියාවේ ජයමාවත ගිළිහි ගියා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන් ඉනිමේ දී සියලු දෙනා දැවි රැස්කරගැනීමට හැකිවුයේ ලකුණු 207ක් පමණයි.

ස්ටීවි ස්මින් නොදැවි ලකුණු 91ක් රැස්කල අතර කොදෙව්වන්ට ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයක් අත්කර ගැනීමට හැකි වුණා.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »