ඔස්ට්‍රේලියාවේ Uber රියදුරා දැන් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දවාලන පන්දු යවන්නෙක්

ඔස්ට්‍රේලියාවේ පසුගියදා පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවෙන් පාකිස්තානය තරග 3-0ක්ලෙස පරාජයට පත්වුණා.

නමුත් තම කණ්ඩායමේ පරාජයන් මධ්‍යයේ පන්දුවෙන් දීප්තිමත්ව සිටීමට 27 හැවිරිදි ආමිර් ජමාල් (Aamir Jamal) සමත් වුනා.

මේ තරගමාලාවේදී පාකිස්තාන කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා බවට පත්වෙමින් ඔස්ට්‍රේලියානු පිතිකරු පෙළ කඩා බිඳ දැමූ මේ පන්දු යවන්නා ඔස්ට්‍රේලියාවේ සිටි Uber කුලී රථ රියදුරෙක්.

ආමිර් ජමාල්ගේ මංගල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය වුනේ පර්ත් නුවර පැවති පළමු තරගය. එහිදී මේ මඳ වේග පන්දු යවන්නා පළමු ඉනිමේදී කඩුලු හයක් සමග සමස්ත තරගයේ කඩුලු හතක් ලබා ගත්තා.

ඉන්පසු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් කඩුලු පහක් බිඳ හෙලූ ඔහු සිය සුපිරි දක්ෂතාව සිඩ්නි නුවරටත් ගෙන යමින් තෙවැනි තරගයේදී තවත් කඩුලු හයක් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේදී ලබා ගැනීමට සමත් වුනා.

ආමිර් ජමාල්ගේ මේ විශිෂ්ට හපන්කම වඩාත් විස්මයජනක කතාවක් බවට පත්වන්නේ ඔහු මීට වසර හයකට පෙර ඔස්ට්‍රේලියාවේ Uber රියදුරෙකුව සිටි බව දැනගත් විටයි.

තමාගේ පැරණි රැකියාව පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ප්‍රකාශයක් කරමින් ජමාල් මෙසේ කියා සිටියා:

“පහේ ඉඳන් උදේ දහය හමාර වෙනකං මම මගේ පළමු වැඩමුරය වෙනුවෙන් ඔන්ලයින් ඉන්නවා. මේ අරගලය හරියටම වෙලාවට වැඩකරන ගතිය මා තුළ රෝපනය කළා. මම ජීවිතයේ දේවල් අගය කරන්න පටන් ගත්තා. වෙහෙස වී වැඩ කරලා හම්බ කරන ලෙසට ජීවිතය ඔබට බල කරන විට ඔබ යම් යම් දේවල් අගය කරන්න පටන් ගන්නවා.”

The Leader

 

 

 

 

 

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »