ලොව වාඩාත් හොඳ සංචාරක නගර අතර සිඩ්නි නගරය පළමු තැනට

ලොව සංචාරය සඳහා වඩාත් සුදුසු නගර අතරට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බන් සහ පර්ත් නගර ඇතුලත්ව තිබෙනවා.

 රෝයි බෝලන්ඩ් සගරාව විසින් සිදු කළ සමීක්ෂණයක දී හෙළිව ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක අගනගර සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයක දී මේ බව හදුනාගත් බවයි.

 මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර සංචාරකයින් 3000කට අධික පිරිසක් මේ සඳහා ප්‍රතිචාර දක්වා තිබුණා.

 ආහාර පානවල ගුණාත්මකභාවය, සංස්කෘතික දර්ශන, ,ආකර්ෂණ ස්ථාන, ගමනාගමන පහසුව සහ මුදල් භාවිතයේ පහසුව ඇතුළු නිර්ණායක හතක් ඔස්සේ මෙම අධ්‍යයනය සිදුකර තිබීම විශේෂත්වයක්.

සිඩ්නි හි ලෝක ප්‍රසිද්ධ ඔපෙරා හවුස් සහ බොන්ඩි වෙරළ තීරය හේතුවෙන් වාඩාත් හොද සංචාරක නගරය ලෙස පත්ව ඇති අතර සියයට 88ක ප්‍රතිශත අගයක් එයට ලැබී තිබුණා.

මීලගට හොදම සංචාරක නගර අතර දෙවන ස්ථානය කේප් ටවුන් හිමිකරගෙන ඇති අතර එයට හිමි අගය සියයට 85ක්.

 එම ශ්‍රේණිගත කිර්‍රම්අනුව චිකාගෝ, කියෝතෝ සහ සිංගප්පූරුව තුන්වන ස්ථානය හිමිකර ගත් අතර එහි සම අගය සියයට 84ක් ලෙස සටගන්ව තිබුණා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »