අද සිට දින තුනක් ග්‍රේටර් බ්‍රිස්බේන් lockdown කෙරේ!
බ්‍රිස්බේන් හි ග්‍රෑන්ඩ් චාන්සලර්හෝටලයේ අනියම් පිරිසිදුකාරියක ලෙස සේවය කරන මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ දියත් කල හදිසි පරීක්ෂණයකින් ඇය එක්සත් රාජධානියේ ඉතා වේගයෙන් බෝවන කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය වැළඳී ඇතැයි තහවුරු වී ඇත.
මෙම තත්වය සැලකිල්ලට ගෙන බ්‍රිස්බේන්, ලෝගන්, ඉප්ස්විච්, මෝර්ටන් සහ රෙඩ්ලන්ඩ්ස් යන නගරවල පදිංචිකරුවන් අද සවස 6:00 සිට සඳුදා සවස 6:00 දක්වා හදිසි lockdown තත්වයක් පනවා ඇති අතර එම නගරවල පදිංචිකරුවන් මේ කාල සීමාව තුල නිවසේ රැඳී සිටිය යුතු බවට ක්වීන්ස්ලන්ත රජය දැනුම් දී තිබේ.