දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කරන්න නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් පොදු සමාව නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇගේ මව සහ නීතිඥ ගසාලි හුසේන් යන තිදෙනා විසින් ගොනු කරනු ලැබූ මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දෙමින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනයට අදාළව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණා.

ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විත්තිකරුවන් 05 දෙනා අතර සිටි දුමින්ද සිල්වා මහතාට පමණක් ජනාධිපති පොදු සමාව ලබා දීමට කටයුතු කළේ ය.

ඉන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ඉදිරිපත් වුණේ එම ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් වීම විශේෂත්වයක්.

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »