10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව සැකකාර 17 හැවිදිරි තරුණියට මිනීමැරුම් චෝදනාවක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.,
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බූලාරූ හි නිවසකදී ඊයේ 3.45 ට පමණ මෙම පිහි ඇනුම සිදුවී තිබුණා.
පිහි ඇනුම් තුවාල සඳහා ගිලන් රථ වෛද්‍යවරුන් විසින් දැරියට ප්‍රතිකාර කළ නමුත් එම ස්ථානයේදීම දැරිය මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කළා.
සිද්ධියෙන් ටික වේලාවකට පසු ඇගේ 17 හැවිරිදි සහෝදරිය අත්අඩංගුවට ගෙන බෙල්මොන්ට් පොලිස් ස්ථානයට ගෙන යන ගොස් තිබෙනවා.
ප්‍රාදේශීය රහස් පරීක්ෂකයින් රාත්‍රිය පුරා මෙම සිද්ධියට අදාළව විමර්ශනය සිදු කරමින් පවතින අතර සැකකාර තරුණිය අද ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා පැවසුවේ පිහි සම්බන්ධ අපරාධ සමාජය තුළ ප්‍රබල ගැටළුවක් බවට පත්ව ඇති බවයි.