Search

කොරෝනා අවදානමත් සමඟ මෙල්බන් හි කාර්‍යාලට පැමිණ සේවය කිරීම තවත් සතියකින් කල් යයි.

කොරෝනා අවදානමත් සමඟ මෙල්බන් හි කාර්‍යාලට පැමිණ සේවය කිරීම තවත් සතියකින් කල් යයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා අවදානම වැඩි වීමත් සමඟ වික්ටෝරියානු රජය විසින් පෙර දැනුම් දුන් පරිදි මෙල්බන් හි පිහිටි කාර්‍යාල සඳහා නැවත සේවයට වාර්තා කිරීමට දුන් දින වකවානු සියල්ලක්ම තවත් සතියකින් කල් දැමීමට අද දින තීරණය කර ඇති බවට වික්ටෝරියානු ප්‍රාන්ත​ වැඩබලන අගමැති Jacinta Allan පැවසීය​.

ඒ අනුව​, මෙල්බර්න් කාර්‍යලයන් හි වැඩ කරන​ සේවකයින්ට නැවත කාර්යාලයට යාමට තවත් සතියක් බලා සිටීමට සිදුවනු ඇත.

වික්ටෝරියානු රාජ්‍ය සේවය සඳුදා සිට නැවත සේවයට පැමිණීමේ ඊළඟ අදියර කරා යාමට නියමිතව තිබුණි. එනම්, කාර්යාල ධාරිතාව සියයට 25 දක්වා ඉහළ නැංවීමට කටයුතු සලසා තිබිණි.

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දේශීය සම්ප්‍රේෂණය වූ එක් කොරෝනා රෝගියෙකු වාර්තා වුවද Allan පැවසූවේ තවත් ටික කාලයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ වික්ටෝරියාවේ පවතින කොරෝනා තත්වයන් දෙස ඉතා සුපරීක්‍ෂාකාරී ලෙස සොයා බලන බවත් ය​.

වික්ටෝරියාහි අවදානම් ස්ථාන අතරේ පොදු ප්‍රවාහන සේවා ස්ථාන කිහිපයක් අඩංගු වන බවත් ඒ නිසා සියලුම පොදු ප්‍රවාහන භාවිතා කරන්නන් තම Myki කාඩ්පත ලියාපදිංචි කරමින් එය භාවිතා කරන ලෙසට වික්ටෝරියානු වැඩ බලන අගමැති වික්ටෝරියානුවන් ගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කරන ලදී.

මෙලෙස ලියාපදිංචි Myki කාඩ්පත් මඟින් කොරෝනා සම් බන්ධතා සොයා ගැනීම ඉතා පහසු වන බව තවදුරටත් ඇය අදහස් දැක්වීය​.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »