වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් තිදෙනා ගිය ස්ථාන ලැයිස්තුව මෙන්න​.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් තිදෙනා ගිය ස්ථාන ලැයිස්තුව මෙන්න​.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිඩ්නි නුවර කොරෝනා පොකුර හා සම්බන්ධ යැයි සැලකෙන නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු අද දිනයේ වාර්තා වී ඇත​.

වික්ටෝරියා හි මෙල්බර්න් නගරාසන්නයේ නව COVID-19 ආසාදන තුනක් වාර්තා වී ඇති අතර, මෙම රෝගීන් වාර්තා වී ඇත්තේ Mentone, Hallam, සහ Mitcham වෙතින් වන අතර ඒ කිසිඳු සිද්ධියක් හෝටල් නිරෝධායනයට සම්බන්ධ නොවේ.

මෙම ආසාදිතයින් අතරේ වයස අවුරුදු 40 ගණන්වල කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 70ක කාන්තාවක් ඇතුළත් වේ.

පුළුල් සම්බන්ධතා සොයා ගැනීමක් සිදු වෙමින් පවතින අතර, එහි ප්‍රතිඵ​ලයක් ලෙස මේ වන විට සමීප සම්බන්ධතා 40 කට අධික සංඛ්‍යාවක් සොයා ගෙන ඇති අතර ඔවුන්ව නිවෙස් වල නිරෝධායනය වීමට කටයුතු සලසා ඇත​.

සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් ස්ථාන අවදානම් ස්ථාන ලෙස නම් කර ඇති අතර මේ ස්ථානයන් වලට සහභාගී වූවන් COVID-19 රෝග ලක්ෂණ සොයා බලා රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂා කර බලන ලෙස DHHS විසින් උපදෙස් දෙනු ලැබේ.

  • දෙසැම්බර් 28 වන දින දහවල් 1:30 සිට පස්වරු 5:00 දක්වා Glen Waverly හි Century City Walk සහ Mocha Jo’s
  • දෙසැම්බර් 28 වන දින රාත්‍රී 7:00 සිට රාත්‍රී 8:15 දක්වා Oakleigh හි  Katialo අවන්හල, Eaton Mall.
  • Mentone/Parkdale වෙරළ​ හි දෙසැම්බර් 27 උදේ 10:00 සිට සවස 4.30 දක්වා.
  • Holy Family Parish Doveton හි දෙසැම්බර් 26 සවස 4.00 සිට සවස 6:00 දක්වා
  • Kmart, Big W, Target, Millers, King of Gifts සහ Lacoste stores හි දෙසැම්බර් 26 වන දින පෙ.ව .9.00 සිට පෙ.ව. 11.00 අතර Fountain Gate සාප්පු මධ්‍යස්ථානයේ.

වික්ටෝරියානු රජය අද සවස Wollongong සහ Blue Mountains ප්‍රදේශවල සිට වික්ටෝරියා බලා යන පුද්ගලයින්ට තවත් කොරෝනා නීති පනවා ඇත​.

එම ප්‍රදේශයන් හි සිට නැවත වික්ටෝරියානු ප්‍රාන්තය වෙත ගමන් කරන සංචාරකයින් හට දෙසැම්බර් 27 සිට අලුත් අවුරුදු දිනයේ මධ්‍යම රාත්‍රිය දක්වා වික්ටෝරියා නගරයට ඇතුළු වීමට අවසර ලැබුනද ඔවුනට​ නව බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු අතර, වික්ටෝරියා වෙත ආපසු පැමිණ පසු පැය 24 ක් ඇතුළත COVID-19 සඳහා පරීක්ෂා කර Wollongong සහ Blue Mountains ප්‍රදේශවලින් පිටත් වූ දිනයේ  සිට දින 14 ක් නිවසේ ස්වයං නිරෝධායනය විය යුතුය​.

ජනවාරි 1 වනදා සිට එම කලාපවල සංචාරකයින්ට වික්ටෝරියා නගරයට ඇතුළුවීමට නොහැකි වනු ඇතැයි රජය පවසයි.

(ABCNews)

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »