19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවෙයි

2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් ක්‍රීඩා වෙබ් අඩවි පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හමුවක් මේ වනවිට අහමදාබාද් හිදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබේ.

නමුත් තහනම පැවතුනත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගී වන තරගාවලි සඳහා ඉන් බලපෑමක් ඇති නොවේ.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයක් යටතේ නිදහස් කිරීමටද තීරණය කර තිබේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »