පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

සංසන්දනය කරන ලද වෙළඳපල දත්තවලට අනුව මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් ඇඩිලේඩ් සහ පර්ත් යන නගරවල ඔක්ටේන් 91 ලීටරයක සාමාන්‍ය මිල ශත 217.92 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර බ්‍රිස්බේන් මෝටර් රථ හිමියන් තම ඉන්ධන සඳහා ඉහළම සාමාන්‍ය මිලක් ගෙවන අතර ලීටරයකට ඩොලර් 2යි ශත 30ත් ඩොලර් 2යි ශත 35ක අතර මුදලක් ගෙවමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙය පසුගිය සැප්තැම්බර් මාසයේදී වාර්තා වු ඩොලර් 2යි ශත17ක ඉහළ අගය ඉක්මවා යෑමක් ද වනවා.

තවද මෙල්බන් වැසියන්ට පෙට්‍රල් ලීටරයක් සඳහා ඩොලර් 2 ශත13ක් ගෙවීමට සිදු වන අතර වැඩිම ප්‍රෙට්‍රල් මිලක් වැය වන දෙවන නගරය බවට මෙල්බන් පත්ව තිබෙනවා.

පර්ත්හි ප්‍රධාන අගනගර පහේ අඩුම සාමාන්‍ය මිල ලීටරයකට ඩොලර් 1 ශත97ක් වන අතර වසර ආරම්භයේදී තිබු පෙට්‍රල් මිල අප්‍රේල් මාසය වන විට සියයට 13.9 ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉක්මනින් අඩු වනු ඇතැයි වෙළඳපල අනාවැකි පල කරන අතර ඒ පිළිබඳ නිශ්චිත කාලවකවානුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »