හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

2019 සහ 2020 යන වසරවල සජීවී මසුන් ජලය පිරවූ ප්ලාස්ටික් බෑග් තුළ රඳවා මෙලෙස රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ විමර්ශන දිගින් දිගටම සිදු වූ අතර ඔස්ට්‍රේලියාවේ කෘෂිකර්ම ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව පසුගිය සතියේ ෆෙඩරල් අධිකරණය විසින් මෙම යුවළට ඩොලර් 54000ක දඩයක් නියම කර තිබෙනවා.

මෙම යුවළ සුරතල් මසුන් ඇති කිරීමට ප්‍රියතාවක් දක්වන බව හෙළිවුව ද මෙලෙස ජීවී මසුන් රහසිගතව රැගෙන ඒම වරදක් වීම හේතුවෙනුයි දඩ නියම කර ඇත්තේ.

2019 වසරේ දෙසැම්බර් 29 වනදා සැකකාර යුවළගේ ගමන් මලු එක්ස් කිරණ යන්ත්‍රයක් හරහා ගමන් කිරීමෙන් පසු සජීවි මසුන් ඒ තුළ සිටින බව හඳුනාගෙන තිබුණා.

යළිත් 2020 වසරේදී ද සැකකරුවන් මෙලෙස සුරතල් මසුන් රැගෙන එම හේතුවෙන් විමර්ශණ ආරම්භ කර මෙලෙස ඩොලර් 54000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »