ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය වෙනස් වෙයි

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය අප්‍රේල් මාසයේදී සියයට 0.2 කින් ඉහළ ගොස් ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

එය බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාමක් වන අතර පසුගිය ජනවාරි මාසයේ දක්නට ලැබුණු මට්ටමට විරැකියාව පැමිණ ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අනුව සංචිත බැංකුව පොලී අනුපාත නැවත වැඩි කිරීමේ අවස්ථාව ද අඩු කෙරෙන බව විචාරකයන් පෙන්වා දෙනවා.

රැකියා විරහිත අනුපාතය අප්‍රේල් මාසයේදී සියයට 4.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් නිවේදනය කරන ලද අතර එය මාර්තු මාසයේදී පැවතියේ සියයට 3.9ක් ලෙසටයි.

බලාපොරොත්තු වූවාට වඩා හොඳ රැකියා මට්ටමක් පැවති මාස දෙකකට පසුව අප්‍රේල් මාසයේ විරැකියා අනුපාතය වැඩිවීම තුලින් 14 වන වරටත් පොලී අනුපාත වැඩි කිරීමට සංචිත බැංකුවට ලැබෙන අවස්ථාව අඩු කෙරෙන බව විචාරකයන්ගේ මතය වී තිබෙනවා.

සමස්ත විරැකියා අනුපාතය ඉහළ ගිය ද ඔස්ට්‍රේලියා ආර්ථිකයට පසුගිය මාර්තු මාසයේ අහිමි වූවාට වඩා රැකියා 8000ක් පමණ අලුතින් එක්වී ඇතැයි සඳහන්.

නව රැකියා අවස්ථා 38,000කින් පමණ ඉහළ යාම සහ රැකියා විරහිතයින්ගේ සංඛ්‍යාව 30,000 කින් වර්ධනය වීමත් සමඟ විරැකියා අනුපාතය මෙලෙස සියයට 4.1 දක්වා ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා ලේඛණ කාර්යාංශය ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »