වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය ජාතික වනෝද්‍යානයක උස් නැරඹුම් ස්ථානයකින් වැටී කාන්තාවක් මරුට!
වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ ජනප්‍රිය උස් නැරඹුම් ස්ථානයකින් වැටී කාන්තාවක් මියගොස් තිබේ. මෙම ස්ථානය මෙල්බර්න් සිට 270 ක් දුරින් පිහිටා ඇත.
Craigieburn හි විසූ 38 හැවිරිදි කාන්තාව සෙනසුරාදා දහවල් 3 ට පමණ Boroka Lookout හිදී වැටී ඇත.
වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාන්තාව බාධකයක් මතට ලිස්සා යාමෙන් පසුව වැටී ඇති බවයි.
“SES සහ පොලිසිය එම කාන්තාවගේ සිරුර එම ස්ථානයෙන් ලබා ගත්තා” යැයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඇගේ මරණය සැක සහිත එකක් ලෙස සලකනු නොලැබේ.
(7News)