දකුණු ඔස්ට්‍රේලියා ළදරු රැකවරණ අවස්ථා පුලුල් කල යුතු බවට නිර්දේශ මාලාවක්

දකුණු ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් අධ්‍යාපන කාලයෙන් පසුවද ළදරු රැකවරණ අවස්ථා පුලුල් කල යුතු බවට නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පූර්ව ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණයට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ප්‍රාන්තයේ පාලක ලේබර් පක්ෂය විසින් පත්කල රාජකීය කොමිසම විසිනුයි මෙම නිර්දේශ ලබාදී ඇත්තේ.

හිටපු අගමැතිනියක වන ජුලියා ගිලාඩ් විසින් ප්‍රධානත්වය දරන මෙම කොමිසමේ අවසන් වාර්තාව ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු අතර අතුරු වාර්තාවක් මීට මාස කිහිපයකට පෙර නිකුත් කෙරුණා.

ඒ අනුව සතියකට පැය 15 ත් 30 ත් අතර කාලයක් අඩු ගාස්තු පෙර පාසල් අධ්‍යාපනය ලබාදිය යුතු බවට වන යෝජනාව දැනටමත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර 2032 වසර වනවිට එය අවසන් කිරිමට නියමිතයි.

දැනට මේ හා සමාන වැඩපිළිවෙල 02 ක් ක්‍රියාත්මක කරනු ලබන්නේ වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල පමණයි.

දැනට සියයට 24 ක් ලෙස පවතින දකුණු ඔස්ට්‍රේලියාවේ අඩු ආර්ථික පවුල් නියෝජනය කරන පෙර පාසල් දරුවන්ගේ ප්‍රතිශතය සියයට 15 දක්වා අඩු කිරීමද ඊයේ නිකුත් කල වාර්තාවේ ප්‍රධාන නිර්දේශයක්.

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »