Search

ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 100ක යුධ ආධාර පැකේජයක්

ඔස්ට්‍රේලියාව යුක්රේනයට ඩොලර් මිලියන 100ක නව යුධ ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් යුක්රේනයේ සිදු කළ කෙටි සංචාරයක් අතරවාරයේදී යි මෙම යුද ආධාර පිළිබඳ නිවේදනය කළේ.

යුක්රේන ගැටුම විසඳීම වෙනුවෙන් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම යුද ආධාර සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවන්ගේ ද සහාය ඇතිව ලොව ප්‍රමුඛතම ඩ්‍රෝන් තාක්‍ෂණය ඇතුළුව මිලිටරි ආධාරඇතුලත් වනු ඇති.

යුද්ධයෙන් විනාශ වූ යුක්රේනය සඳහා ලැබෙන රජයේ ආධාරක පැකේජයට ඩ්‍රෝන් යානා, සටන් හිස්වැසුම්, සපත්තු, බෝට්ටු, විදුලි ජනක යන්ත්‍ර, කෙටි දුර ගුවන් ආරක්ෂක පද්ධති සහ ගුවනින් ගොඩබිමට යුධෝපකරණ බෙදා හැරීමට අවශ්‍ය පහසුකම් ඇතුලත්.

මෙම ආධාර සමග ඔස්ට්‍රේලියාව යුක්රේනයට ලබාදෙන මිලිටරි ආධාර ප්‍රමාණයෙහි එකතුව ඩොලර් බිලියන 1 කට වඩා ඉහළ අගයක් දක්වා ඉහළ යනවා.

ඔස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍යවරයා සිය සංචාරයේදී යුක්රේනයේ අගමැති ඩෙනිස් ෂ්මිහාල් මෙන්ම එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ද හමු වූ අතර යුක්රේන සන්නද්ධ හමුදා පුහුණු අභ්‍යාසවල නිරත වන ආකාරය ද නිරීක්ෂණය කර තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »