වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

සංවර්ධිත රටවල් අතුරින් විශාලතම බදු අය කෙරෙන රටවල් ප්‍රකාශයට පත් කරමිනුයි ඔවුන් මෙම නව දත්ත හෙළි කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ, සමාජ ආරක්ෂණ ගෙවීම් සේවකයා විසින් නොගෙවන අතර සමාජ ආරක්ෂණය සම්පූර්ණයෙන්ම ගෙවනු ලබන්නේ ආදායම් බද්ද මගිනුයි.

නමුත් ඇතැම් සංවර්ධිත රටවල ඉහළ ආදායම් බදු අනුපාතයක් ඇති අතර ඊට ඉහලින් සමාජ ආරක්ෂණ ගෙවීමක් ද පවතිනවා.

බෙල්ජියම ඉහළම බදු අනුපාතය සහ සමාජ ආරක්ෂණ ගෙවීම් සහිත රටක් වන අතර බෙල්ජියමේ සේවකයන් උපයන දළ වැටුපෙන් සියයට 39.9ක් බදු සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් ගෙවනු ලබනවා.

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් ලැයිස්තුවේ 6 වන ස්ථානයේ සිටින අතර සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙක් වැටුපෙන් සියයට 24.9ක් ආදායම් බද්ද වෙනුවෙන් ගෙවන බව සඳහන්.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව වෙනම සමාජ ආරක්ෂණ මුදලක් නොගෙවන බැවින් එම මුළු මුදලම ලබා ගනු ලබන්නේ ආදායම් බද්ද මගිනුයි.

දකුණු කොරියානුවන් මෙම ලයිස්තුවේ 16 වන ස්ථානයේ සිටින අතර ඔවුන්ගේ වැටුපෙන් සියයට 16.2ක් බදු හෝ සමාජ ආරක්ෂණය හරහා රජයට ආපසු ගෙවනු ලබනවා.

එම ගෙවීම් වලින් සියයට 9.4ක් සමාජ ආරක්ෂණය සඳහා පමණක් වන බව සඳහන්.

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ගෝලීය ඉල්ලීම් නොතකා ගෑස් භාවිතය ගැන රජයෙන් තීරණයක්

ෆොසිල ඉන්ධන භාවිතය ඉවත් කරන ලෙසට ඉදිරිපත් වන ගෝලීය ඉල්ලීම් නොතකා 2050 වන විට ගෑස් නිස්සාරණය සහ භාවිතය වේගවත් කරන බව රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

පලස්තීනයේ ඉල්ලීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඡන්දය ලබාදෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීන රාජ්‍යයට නව අයිතීන් ලබා දීමට සහ සාමාජිකත්වය ස්ථිර කිරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

Read More »

ෆෙඩරල් රජයේ අයවැය ගැන අලුත් බලාපොරොත්තුවක්

ෆෙඩරල් රජය ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අතිරේක ආයෝජනයක් ලෙස ඩොලර් බිලියන ගණනක් ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.

Read More »