
ෆෙඩරල් රජය ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අතිරේක ආයෝජනයක් ලෙස ඩොලර් බිලියන ගණනක් ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.
2030 වසර වන විට නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමේ පොරොන්දුව ඉලක්ක කරගෙන ඇති බැවින් ෆෙඩරල් රජය මෙවර අයවැයෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අමතර ආයෝජනයක් ලබා දෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වූ කාන්තාවන් සහ ළමුන්ගේ නවාතැන් වෙනුවෙන් අතිරේක ඩොලර් බිලියන 1ක් වැය කිරීමට නියමිත බව සඳහන්.

අගමැති ඇන්තනි ඇල්බනීස් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී එකඟ වී ඇත්තේ නිවාස ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වසර පහක් පුරා ප්‍රාන්ත සහ ප්‍රදේශ වෙත ඩොලර් බිලියන 9.3ක් ලබා දීමටයි.
නිවාස ගොඩනැගීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා මහා මාර්ග, මලාපවහන පද්ධති, බලශක්ති සහ ජල සැපයුම් මෙන්ම අනෙකුත් ප්‍රජා යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් ප්‍රාන්ත සහ ප්‍රදේශ වෙත ලබා දෙනු ඇති.

නිවාස අර්බුධය එක් තදාසන්න ප්‍රදේශයක්, නගරයක් හෝ ප්‍රාන්තයක ගැටළුවක් නොවන අතර සෑම තැනකම ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන අභියෝගයක් බැවින් ඊට සෑම මට්ටමකින්ම රජයේ ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව අගමැතිවරයා ප්‍රකාශ කළා.
නිවාස අමාත්‍ය ජුලී කොලින්ස් පැවසුවේ නව අරමුදල් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඇති දැඩි පීඩනය ලිහිල් වනු ඇති බවයි.