2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන අතර ඒ හරහා අපේක්ෂිත රාජ්‍ය අදායම් ඉල්ලක්ක අභිබවා ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

විධිමත් මූල්‍ය කළමනාකරණය සහ ආදායම් ලැබෙන රටාව අනුව සළකා බැලීමේදී 2024 වසර අදායම් ඉලක්ක සපුරාගත හැකි වසරක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙම වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම ලෙස රුපියල් බිලියන 787ක් බලාපොරොත්තු වුව ද රුපියල් බිලියන 834ක් උපයා ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ මුල් කාර්තුව තුළ රුපියල් බිලියන 430ක්, රේගුව බිලියන 354කට ආසන්න අදායමක් මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 51ක පමණ අදායමක් උපයා දී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ ආකාරයට ආදායම් ලැබෙන රටාව අනුව සළකා බැලීමේදී 2024 වසර අදායම් ඉලක්ක සපුරාගත හැකි වසරක් වනු ඇති බව විශ්වාස කළ හැකි බව ද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර තිබෙනවා.

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »