Search

දරු ප්‍රසූතියට හොඳම ඔස්ට්‍රේලියාවේ රෝහල් ගැන අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා අවම වශයෙන් ඩොලර් 726ක් මුදලක් වැයවන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Finder විසින් කාන්තාවන් 1000කට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් දරු ප්‍රසුතිය සඳහා වාඩාත් හොඳ රජයේ රෝහල් ද පෞද්ගලික රෝහල්ද යන්න පිළිබඳ අධ්‍යයනයක් සිදු කර තිබුණා.

රජයේ රෝහල් මගින් නොමිලේ ප්‍රතිලාභ ලැබුණ ද ගුණාත්මක හා කාර්යක්ශම සේවාවක් ලබා ගැනීමට පුද්ගලික රෝහල් වෙත යොමුවන බවයි බොහෝ කාන්තාවන් සඳහන් කර ඇත්තේ.

සෞඛ්‍ය රක්ෂණාවරණ පැවතිය ද රක්ෂණවලට අදාළ නොමැති අයවීම් පෞද්ගලික රෝහල් පද්ධති තුළ පවතින බව ද ඔවුන් සඳහන් කර තිබුණා.

පුද්ගලික රෝහලක් තුළ දරු ප්‍රසූතියක් සඳහා ඩොලර් 12000කට අධික මුදලක් වැය වන අතර සමීක්ෂණයට සහභාගි වූවන් අතුරින් සියයට 38ක් සඳහන් කර ඇත්තේ ගුණාත්මකභාවය අතින් පෞද්ගලික රෝහල් වඩාත් හොද තත්වයේ පසුවන බවයි.

කෙසේවෙතත් වෛද්‍ය ගාස්තු සහ සායනික ගාස්තු පුද්ගලික රෝහල් තුළ ඉහළ අගයක් ගැනීමත් පවතින ජීවන වියදම හමුවේ දැරිය නොහැකි බවද සදහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් දරු ප්‍රසූතිය සදහා රජයේ රෝහල් වෙත යන පිරිස වැඩි බවයි අධ්‍යයනයේදී හෙළිව ඇත්තේ.