ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මහජන මතය වෙනස් කිරීමටත් ඒ පිළිබඳව විවාදයට ඉඩ හැරීමටත් සමාජ මාධ්‍ය යොදා ගැනෙන අතර මෑත වසරවල ඔස්ට්‍රේලියානු දේශපාලනයේ ද කොටසක් බවට එය පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

සමාජ මාධ්‍ය ලොව පුරා දේශපාලනයේ අනපේක්ෂිත බලවේගයක් බවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියා දේශපාලන නායකයින්ට ද එම තත්වයට මුහුණ දීමට සිදුවී තිබෙනවා.

පසුගිය දිනවල ඔස්ට්‍රේලියාවේ සිදු වූ පිහි ඇනුම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවලට ලැබුණු ප්‍රසිද්ධිය හේතුවෙන් ඔන්ලයින් ආරක්ෂණ පනතේ වෙනස්කම් මෙන්ම නව නීති සම්පාදනයට දැනට සලකා බලමින් පවතිනවා.

සමාජ මාධ්‍යවල ගිවිසුමේ කොන්දේසි නැවත සකස් කරන්නේ නම් ඒ කෙලෙසක ද යන්න පිළිබඳව දේශපාලනඥයන්ගේ ස්ථාවරය ද මෙහිදී අවධානයට යොමු කෙරෙනු ඇති.

බොන්ඩායි ජන්ෂන් සහ වේක්ලි දේවස්ථානයේ පිහි ප්‍රහාරවලින් පසු විපක්ෂ නායක පීටර් ඩටන් පැවසුවේ සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට වන මතයේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපලවලින් මගීන්ට දැනුම්දීමක්

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම හමුවේ එම ගුවන් යානාවල ආසන වෙන් කර ගත් මගීන්ට අද සහ හෙට ගුවන් තොටුපළට නොයන ලෙසට බ්‍රිස්බේන් සහ සිඩ්නි ගුවන් තොටුපළ දැනුම්දී තිබෙනවා.

Read More »

අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ට අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය අද සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »