ජීවිතාරක්ෂක ඖෂධ දෙකක මිල අඩු කිරීමට පියවර

හෘද රෝගීන්ට ලබාදෙන ජීවිතාරක්ෂක ඖෂධ දෙකක මිල අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ ඖෂධ දෙක එකතු කිරීමෙන් පසුවයි එහි පිරිවැය රජය විසින් මෙලෙස කපා හැර ඇත්තේ.

මෙම මිල අඩු කිරීමට පෙර ඔස්ට්‍රේලියානුවන් 4800කට පමණ බලපාන හෘද රෝග වර්ග දෙකක ප්‍රතිකාර සඳහා රෝගීන්ට ඩොලර් 122,000ක් පමණ වැය වී තිබුණා.

මිල වෙනසින් පසු රෝගීන්ට ගෙවීමට සිදු වන්නේ එක් ඖෂධයකට ඩොලර් 31.60ක් හෝ සහන කාඩ්පතක් සමඟ ඩොලර් 7.70ක් පමණක් වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානුවන් 1200ක් පමණ පීඩා විඳින හුස්ම හිරවීම සහ තෙහෙට්ටුව වැනි තත්වයන් සහිත දුර්ලභ හෘද රෝගයකට මූලිකව ප්‍රතිකාර නොකළහොත් හෘදයාබාධ ඇති වීමේ අවදානමක් පවතිනවා.

අලුතින් ලැයිස්තුගත කර ඇති ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක වන්නේ රෝගයේ වර්ධනය මන්දගාමී කිරීමට සහ ඝන වූ හෘද පේශි ලිහිල් කිරීම සඳහායි.

හයිපර්ට්‍රොෆික් හෘද රෝගය සඳහා වන කැම්සියෝස් ඖෂධයේ පිරිවැයට ද සහනාධාර ලබා දීමට තීරණය වී ඇති අතර ඔස්ට්‍රේලියානුවන් 3600ක් පමණ මෙම රෝගයෙන් පෙළෙන බව සඳහන්.

රජයේ සහනාධාරය නොමැතිව, එම රෝගීන්ට වසරකට ඩොලර් 30,000ක් පමණ ප්‍රතිකාර සඳහා වැය වී තිබුණා.

එහි ඖෂධ ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඇතුලත් කර ඇති බැවින් සුදුසුකම් ලත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා දැවැන්ත වියදම් වෙනුවට රජයේ පිරිවැය පමණක් ගෙවා ලබා ගැනීමට හැකි වනවා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »