කාන්තාවන් මූලික කරගත් සේවා ගැන තීරණයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ මුලිකත්වයෙන් සිදු වන කර්මාන්තවල සියයට 9ක වැටුප් වැඩිවීමක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන මෙන්ම, ආබාධිතයන් රැක බලා ගැනීම ඇතුළුව කාන්තාවන් විසින් ආධිපත්‍යය දරන කර්මාන්ත සඳහා සියයට නවයක වැටුප් වැඩිවීමක් ප්‍රධාන වෘත්තීය සමිතියක් විසින් ඉල්ලා ඇති බව සඳහන්.

ළමා රැකවරණය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, වයස්ගත රැකවරණය සහ පශු වෛද්‍ය ආධාර ඇතුළුව සම්ප්‍රදායිකව කාන්තා ආධිපත්‍යය දරන කර්මාන්තවල වැටුප් වැඩි කරන ලෙසටයි ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය ඉල්ලා ඇත්තේ.

අදාළ ආයතනවල කාන්තාවන්ට මේ වන විට සෑම පැයකටම ඩොලර් 26ක ගාස්තුවක් හිමි වන අතර වෘත්තීය සමිතිවල ඉල්ලීම වී ඇත්තේ එය ඩොලර් 28.50ක් හෝ සතියකට අමතර ඩොලර් 90ක් ලෙස ලබා දෙන ලෙසටයි.

සමාජයක් ලෙස කාන්තාවන්ගේ කාර්යය අවතක්සේරු කර ඇති අතර තම නිවාස කුලිය ගෙවීමට, තමන්ගේ අනාගතය තීරණය කිරීමට හෝ අවසානයේ විශ්‍රාම ගැනීමට මෙන්ම දරිද්‍රතාවයෙන් ජීවත් නොවී සිටීමට සෑම ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුටම මෙය ලැබිය යුතු බවයි වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය කියා සිටියේ ව්‍යාපාරවලට මෙතරම් විශාල වැටුප් වැඩිවීමක් දැරිය නොහැකි අතර එය උද්ධමනයට ද බලපානු ඇති බවට අනතුරු අඟවා ඇති බවයි.

වාර්ෂික වැටුප් සමාලෝචන ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර සියයට නවයක වැටුප් වැඩිවීම සාධාරණ බවට සාධාරණ වැඩ කොමිසම එකඟ වන්නේ නම් එය ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »