සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපලවලින් මගීන්ට දැනුම්දීමක්

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම හමුවේ එම ගුවන් යානාවල ආසන වෙන් කර ගත් මගීන්ට අද සහ හෙට ගුවන් තොටුපළට නොයන ලෙසට බ්‍රිස්බේන් සහ සිඩ්නි ගුවන් තොටුපළ දැනුම්දී තිබෙනවා.

ගුවන් ගමන් සඳහා වෙන් කර ඇති මගීන්ට එයාර් වනුවාටු හි පාරිභෝගික සේවා කණ්ඩායම සම්බන්ධ කර ගන්නා ලෙසට සහ ගුවන් ගමන් අවලංගු කර ඇති බැවින් ගුවන් තොටුපළට නොපැමිණෙන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

එයාර් වනුවාටු සමාගම විසින් ඊයේ සිට ලබන ඉරිදා දක්වා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

සිඩ්නි සහ පෝට් විලා අතර ක්‍රියාත්මක වීමට නියමිත ගුවන් ගමන් හයක් අවලංගු කර ඇති අතර බ්‍රිස්බේන් සහ ඉන් පිටත සේවා ද අවලංගු කර ඇති බවයි පැසිෆික් ගුවන් සේවයේ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර ඇති බව Air Vanuatu ප්‍රකාශකයෙකු තහවුරු කරන ලද අතර රජය ගුවන් සේවය ස්වේච්ඡා පරිපාලනයක් යටතට පත් කිරීමට සුදානම් වන බවට ද සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින මතබේධාත්මක තත්වය හමුවේ Air Vanuatu විසින් ඊයේ සිට 12 වන ඉරිදා දක්වා සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි ප්‍රකාශ කළේ.

ඉරිදාට පසුව සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් පිළිබඳ දැනට සමාලෝචනය කෙරෙමින් පවතින බව සඳහන්.

මගීන් ඇතුළු බලපෑමට ලක් වූ පාර්ශ්වකරුවන් සඳහා සංචාරක උපදේශන පිටුවක් ද ගුවන් සමාගම විසින් පිහිටුවා ඇති අතර සංචාරක කර්මාන්තයේ පීඩාවට පත් වුවන් වෙනුවෙන් සමාව අයැද සිටින බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

එයාර් වනුවාටු සිය ගුවන් ගමන් අවලංගු කළ ද වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවය බ්‍රිස්බේන් සහ පෝර්ට් විලා අතර සෘජු සේවා තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »