කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

ඊට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් ද එක්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ කාන්තාවන් 26 දෙනෙකු ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඊයේ සිඩ්නි, ඇඩිලේඩ් සහ හොබාර්ට්හි පැවති විරෝධතාවලට ද දහස් ගණනක් සහභාගී වූ බවයි පැවසෙන්නේ.

මේ දක්වා කාන්තාවන් 26 දෙනෙකුගේ ජීවිත බිලිගෙන ඇති ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැලැක්වීමට නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට විරෝධතාකරුවන් එහිදී ඉල්ලා තිබෙනවා.

අද කැන්බරා හි පැවැත්වෙන විරෝධතාවයකට අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින අතර මෙම සති අන්තයේ රැලි 15ක් පමණ රට පුරා පැවැත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »