ජනමත විචාරණයේදී හරි වැරදි ළකුණු අවුලක්

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ඡන්ද ගණන් කිරීම සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලි කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක පීටර් ඩට්න් මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා.

තවත් සති කිහිපයකින් පැවැත්වෙන ජනමත විචාරණයේදී පක්ෂ සහ විපක්ෂ ලෙස ඡන්ද ගණන් කරන ආකාරය පිළිබඳ මේ වනවිට තරමක මතභේදයක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි.

යෝජනාවට පක්ෂ නම් YES ලෙසද විරුද්ධ නම් NO ලෙසද ඡන්ද පත්‍රිකාවේ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හරි සලකුණ හෝ කතිරය යෙදීමෙන් වළකින ලෙසයි කොමිසම තවදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ.

කෙසේවෙතත් යෝජනාවට පක්ෂ නම් හරි සළකුණ යොදා ඇති පත්‍රිකා පිළිගත යුතු බවටද තර්කයක් ඉදිරිපත් වි තිබෙනවා.

එමෙන්ම අති විශාල පිරිසකගේ ස්ථාවරය වී ඇත්තේ මැතිවරණවලදී අපේක්ෂකයන් තෝරා ගැනීමට යොදන කතිරය සළකුණ, යෝජනාවට පක්ෂව සහ විපක්ෂව යෙදීමටද ඉහළ සම්භාවිතාවයක් පවතින බවයි.

කතිරය සළකුණින් වැරදියි හෙවත් විරුද්ධයි යන අර්ථයද නිරූපණය වීම ඊට හේතුවයි.

මෙම මතභේදය හමුවේ ඡන්දය ගණනය කිරීමේ දී දෝෂ සිදුවිය හැකි බව දක්වමිනුයි විපක්ෂ නායක පීටර් ඩට්න් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන ඇත්තේ.

කතිරය සහ හරි සලකුණ යන දෙකම භාවිතය මගින් ව්‍යාකූලතාවක් මෙන්ම ප්‍රතිඵල සදහාද බලපෑම් ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පවසන්නේ 1988 සිට ක්‍රියාත්මක වන පරිදි YES හෝ NO ලෙස සටහන් කිරීමෙන් ව්‍යාකූලභාවයක් ඇති නොවන බවයි.

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »