Melbourne Victory ආධාරකරුවන්ට ඇඩිලේඩ් නුවරින් පැණවූ තහනම ඉවතට

ලබන වසරේ මාර්තු 09 වනදා ඇඩිලේඩ් හිදී පැවැත්වෙන A-league පාපන්දු තරගාවලියේ Adelaide United කණ්ඩායමට එරෙහි තරගාවලිය නැරඹීමට Melbourne Victory කණ්ඩායමේ ආධාරකරුවන්ට පණවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ඔවුන්ට ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම පවා අත්හිටුවන බවටයි තරග සංවිධායකයන් මීට පෙර නිවේදනය කර සිටියේ.

ඒ අනුව Adelaide United කණ්ඩායමේ ආධාරකරුවන්ට සහ දකුණු ඔස්ටේ්‍රලියානු තැපැල් කේතයක් හිමි පුද්ගලයන්ට පමණක් ප්‍රවේශපත්‍ර මිළදී ගත හැකි බවට නිවේදනය කෙරුණා.

කෙසේවෙතත් මෙම නිවේදනය නිකුත් කර පැය කිහිපයක් ගතවීමට පෙර අදාළ තහනම ඉවත් කර ගන්නා බවයි ඇඩිලේඩ් තරග සංවිධායකයන් දන්වා සිටියේ.

පසුගිය තරග වාරයේදී මෙම කණ්ඩායම් 02 අතර පැවති තරගය අතරතුර කළහකාරීව හැසිරුණු ප්‍රේක්ෂකයන් පිරිසක් හේතුවෙන් තරග විනිසුරුවරයෙකුද තුවාල ලැබුවා.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »