නොමිලේ සේවා සඳහා ඇතැම් ෆාමසි මුදල් අයකරන බවට චෝදනා

නොමිලේ ලබා දිය යුතු ඇතැම් සෞඛ්‍ය සේවා සඳහා ඖෂධ අලෙවිසැල් සහ ෆාමසිවලින් මුදල් අයකර ගැනීම ආරම්භ කර ඇති බවට චෝදනා එල්ල වනවා.

රුධිර පීඩනය පරීක්‍ෂා කිරීම්, වයස්ගත පුද්ගලයින් සඳහා සත්කාර සැපයීම සහ ඖෂධ බෙදාහැරීම් ඇතුළු නොමිලයේ සැපයිය යුතු සේවා සඳහා මෙලෙස ගාස්තු අයකරගන්නා බව සඳහන්.

මාස 02 ක බෙහෙත් වට්ටෝරු සඳහා එක් මාසයක මුදල පමණක් අය කිරීමේ ලේබර් පක්ෂ අයවැය යෝජනාව ලබන පළමුවනදා සිට බලාත්මක වනවා.

ෆාමසි හිමියන් චෝදනා කරන්නේ මෙමගින් සිය ව්‍යාපාරවල ආදායම අඩුවන අතර සේවක වැටුප් ගෙවා ගැනීම පවා අසීරු විය හැකි බවයි.

ඖෂධ සඳහා වු අධික වියදම මෙන්ම කාර්ය මණ්ඩල නඩත්තුවත් සමග ඇතැම් සේවා නොමිලයේ සැපයීම තවදුරටත් අපහසු බවයි ෆාමසි හිමියන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ෆෙඩරල් රජය අවධාරණය කරන්නේ ආර්ථික අපහසුතා ඇති රෝගීන්ට ඖෂධ වියදම් සඳහා ගාස්තු සහනයක් සැලසීමේ අරමුණ ඇතිව අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කරනු ලැබු බවයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »