Search

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පසුගිය සතියේ නියුමෝනියාව වැළඳී හදිසි ප්‍රතිකාර අංශවල සිටි වයස අවුරුදු හතර සහ ඊට අඩු ළමුන් සංඛ්‍යාව 124ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජනවාරි මාසයට සාපේක්ෂව නියුමෝනියා රෝග ලක්ෂණ සහිතව රෝහලට පැමිණෙන පාසල් යන වයසේ දරුවන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි සඳහන්.

වයස අවුරුදු පහේ සිට 16 දක්වා ළමයින් 317 දෙනෙකු ගතවූ සතිය තුළ නියුමෝනියාව සමඟ හදිසි ප්‍රතිකාර අංශ වෙත පැමිණ තිබෙනවා.

තරුණයන් සහ වැඩිහිටියන් අතරින් ද ආසාදිතයන් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 127 දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශවල සිටින බවයි වාර්තා වන්නේ.

වෙස්ට්මීඩ් ළමා රෝහලේ මහාචාර්ය ෆිලිප් බ්‍රිටන් පැවසුවේ පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ සාමාන්‍යයෙන් වාර්තා වන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි වීමක් පවතින බවයි.

ළමුන්ගේ සිරුර තුළ තවමත් ප්‍රතිශක්තිය ගොඩනැගී නොමැති නව බැක්ටීරියා වර්ගයක් හේතුවෙන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව මහාචාර්යවරයා සඳහන් කළා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »