Search

දශකයකට පසු ඔස්ට්‍රේලියා අහසේ වෙනසක් ලබන 31 වන දින

දශකයකට පසු අහසේදී දිස්වන දුර්ලභ සිදුවීමක් ලබන 31 වන දින දැකබලා ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව උදාවනවා.

පූර්ණ සුපිරි චන්ද්‍රයා හෙවත් super moon සහ නිල් සඳ හෙවත් blue moon යන ලක්ෂණ දෙකින්ම සමන්විත චන්ද්‍රයා එකම අවස්ථාවකදී දැකගැනීමට ලැබීම එහි විශේෂත්වයයි.

සුපිරි චන්ද්‍රයා යනු සාමාන්‍යයෙන් දිස්වෙන චන්ද්‍රයා මෙන් සියයට 14 ක ගුණයක් විශාල චන්ද්‍රයා ටයි.

නිල් සඳ යනු එකම මාසයකදී අවස්ථා 02 කදී පූර්ණ චන්ද්‍රයා දිස්වීමයි.

නැවතත් සුපිරි නිල් සඳක් (super blue moon) ඔස්ට්‍රේලියානුවන්ට දැකගත හැකි වනුයේ 2029 වසරේදී බවයි පැවසෙන්නේ.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »