ඉදිරි කාලසීමාවේදී නැගෙනගිර වෙරළ තීරයන් ආශ්‍රිතව ලැව්ගිනි අවධානමක්

Australian bushfires

පවතින එල්-නිනෝ දේශගුණ විපර්යාස තත්වය හමුවේ ඉදිරි කාලසීමාවේදී ඔස්ට්‍රේලියාවේ නැගෙනගිර වෙරළ තීරයන් ආශ්‍රිතව ලැව්ගිනි අවධානමක් පවතින බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.

මෙය 2019-2020 කාලයේ ඇතිවු ලැව්ගිණි හා සමාන විය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

දැඩි වියළි කාළගුණයත් සමග ලැව්ගින්නේ අවධානම මෙම වසරේ දී බරපතල විය හැකි බවයි කාළගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ

මෙම තත්වයට ආරක්ෂිතව මුහුණ දීම සඳහා ජනතාව හොදින් සුදානම්ව සිටිය යුතු බවටත් හදිසි සේවා බලධාරින් ජනතාවට දන්වා සිටිනවා.

පසුගිය black summer ලැව්ගිනි හේතුවෙන් එක් ප්‍රාදේශීය කලාපයක නිවාස 501 ක් පමණ විනාශ වු අතර තවත් නිවාස 274 කට හානි සිදුවී තිබුණා.

එහි හෙක්ටයාර 343,000 න් හෙක්ටයාර 271,000 කට වැඩි ප්‍රමාණයක් එනම් සියයට 80කට වැඩි ප්‍රමාණයක් එහිදී ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »