Search

Hunter Valley මාරක අනතුරේ බස් රියදුරුට චෝදනා 63 ක්

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි ප්‍රදේශයේදී පසුගිය ජූනි 11 වනදා සිදුවූ මාරක බස් අනතුරට සම්බන්ධ බස් රියදුරුට තවත් චෝදනා 52 ක් ගොණු කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙට් ඇන්ඩෲ බට්න් නම් 58 හැවිරිදි මෙම තැනැත්තාට එරෙහිව සමස්ත චෝදනා 63 ක් ගොණු කර ඇති බව සඳහන්.

නොසැළකිලිමත් රිය ධාවනය ඇතුලු චෝදනා රැසක් ඒ අතර වන බවයි නිවු සවුත් වේල්ස් බලධාරීන් පෙන්වා දෙන්නේ.

විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් රැගෙනඑමින් තිබූ බස් රථයකුයි මෙලෙස අනතුරකට ලක්වී තිබුණේ.

වැඩිදුර නඩු විභාගය ලබන 09 වනදා සිදුකිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »