සේවකයෙකුගේ ඇගිලි 04 ක් අහිමිවීමට වික්ටෝරියා ආයතනයකට $ 40,000 ක දඩයක්

සේවා රාජකාරි අතරතුරදී සේවකයෙකුගේ ඇගිලි 04 ක් අහිමිවීමේ සිද්ධියකට අදාළව වික්ටෝරියා ප්‍රාන්තයේ නිෂ්පාදන ආයතනයකට ඩොලර් 40,000 ක දඩයක් නියම කර තිබෙනවා.

මෙල්ටන් හි ස්ථාපිත ආයතනයක මෙම සිදුවීම සිදුවී තිබුනේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි.

අදාළ සේවකයාට අහිමිවු ඇගිලි 04 න් නැවත සවිකිරීමට හැකිවී ඇත්තේ ඇගිලි 02 ක් පමණක් බවයි Worksafe Victoria විසින් ගොණුකල පැමිණිල්ලේ සඳහන් වූයේ.

අදාළ සැත්කමට වැයවූ ඩොලර් 6,478 ක මුදල ද ගෙවන ලෙසයි සන්ෂයින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කලේ.

මෙම ආයතනය තුළ ආරක්ෂිත ක්‍රමවේද පවතින නමුත් ඒවා නිසි ලෙස අනුගමනය වී නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »