Search

බීමත් මගීන් 03 ක් නිසා බ්‍රිස්බන් – බාලි ගුවන් යානයක් නොසන්සුන්

බීමත්ව කළහකාරීව හැසිරුණු මගීන් 03 දෙනෙකු හේතුවෙන් බ්‍රිස්බන් සිට ඉන්දුනීසියාවේ බාලි දක්වා ගමන් කල ගුවන් යානයක නොසන්සුන් තත්වයක් හටගෙන තිබෙනවා.

අනතුරුව මෙම යානය ඩාර්වින් වෙත හදිසියේ ගොඩබස්වා අදාළ මගීන් 03 දෙනා ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය වෙත භාරදීමටයි ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත්තේ.

බ්‍රිස්බන් හි පදිංචිකරුවන් වන 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු සහ 42 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ගුවන් යානයෙන් ඉවත් කර තිබුණා.

මොවුන්ගෙන් එක් අයෙකු ගුවන් යානය තුළදී -දුම්වැටියක් පානය කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

අදාළ මගීන් 03 දෙනාට ඉහළ දඩයක් නියමවනු ඇති බව සඳහන්.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »