බටහිර ඔස්ට්‍රේලියාවේ මාර්ගවල යතුරුපැදි අනතුරු මරණ ගත වූ වසර කිහිපයට සාපේක්ෂව මෙම වසරේ වැඩි වීමක් පෙන්නුම් කර තිබෙනවා.
මේ වසරේ ගත වූ කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියාවේ මාර්ගවල යතුරුපැදිකරුවන් 20 දෙනෙකු මිය ගොස් ඇති බවයි මාර්ග ආරක්ෂණ කොමිසම සහ යතුරුපැදි ආරක්ෂණ උපදේශකයින් පවසන්නේ.
අනතුරට ලක්වන පිරිස අතුරින් වැඩි දෙනෙකු වයස්ගත යතුරුපැදිකරුවන් බව ද මෙහිදී හෙළිවී තිබෙනවා.
මෙම වසරේ බටහිර ඔස්ට්‍රේලියාවේ සිදු වී ඇති මාරක අනතුරු 61න් තුනෙන් එකක ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු බව සඳහන්.
මාර්ගවල යතුරුපැදි ධාවනය කළ හැකි වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමට උත්සාහ කිරීම ද මෙම අනතුරුවලට මූලික හේතුවක් වී ඇති බවයි පැවසෙන්නේ.
මාරක යතුරුපැදි අනතුරු 20න් 12 ක් පර්ත් අගනගරයේ සිදුවී ඇති අතර අටක් කලාපීය මාර්ගවල සිදුවී ඇති බව ප්‍රාන්තයේ මාර්ග ආරක්ෂණ කොමිසම ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් සහ අනෙකුත් මාර්ග භාවිතා කරන්නන්ගෙන් මාර්ගවල ගමන් කිරීමේදී පූර්වාරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ඉල්ලා ඇත්තේ.